අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව

ජීව විද්‍යාව විෂය සඳහා පහසුවෙන් ලකුණු ලබාගැනීමට ඔබට පිදෙන අන්තර්ජාලීඅනස අත්වැල

අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබ සඳහා අප විසින් පිදෙන අන්තර්ජාලීය අත්වැලයි.

ජීව විද්‍යාව විෂය හැදෑරීමේ දී බොහෝ සිසුන් හට පවතින ගැටලුව නම් විශාල කරුනු රාශියක් මතක තබාගැනීමට සිදුවීමයි. නමුත් මෙම සියළු දේවල් පහසුවෙන් මතක තබාගන්නේ කෙසේ ද?

මේ සඳහා පවතින වඩාත් සාර්ථක ක්‍රමයක් වන්නේ "Spaced repetition" නම් ක්‍රමය යි. එහිදී සිදු කරනු ලබන්නේ විවිධ විශය කරුනු ඇල්ගොරිතමයක් ලෙස ක්‍රමානුකූලව වරින් වර පුරනරීක්ෂණය කිරීම යි.

මෙම පාඨමාලාව මඟින් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ද මෙම ක්‍රමය භාවිතා කරමින් ඉතා පහසුවෙන් ඔබ වෙත විෂය කරුනු මතක් කර දීමයි.

මෙම පාඨමාලාව භාවිතා කළ යුත්තේ කෙසේ ද?

  • මෙම පාධමාලාවේ අන්තර්ගතය සාදා ඇත්තේ දිනපතා ඔබට ජීව විද්‍යාව විෂය හැදෑරීමට අවැසි ලෙසයි.
  • මෙම පාඨමාලාවේ පාඩම් දිනකට එක බැගින් අනුගමනය කළ යුතු පරිදි සකසා ඇති අතර, දිනපතා පැයක කාලයක් පමණක් යොදවමින් ඔබ මෙම පාඩම් නිම කළ යුතු ය.
  • දිනකට පැයක් පමණක් එක් පාඩමක් සඳහා වැයවන බැවින්, මෙම පාඨමාලාව අනුගමනය කරන අතරතුර ඔබට අනෙකුත් විෂයන් ද අධ්‍යනය කළ හැක.

පාඩම් සකස් කර ඇත්තේ කෙසේ ද?

  • සෑම දිනකම යම් වීෂය කරුනු ප්‍රමාණයක් සටහනක් ලෙස මෙම පාඩම් වල ඉදිරිපත් කර ඇති අතර, ඉන් අනතුරුව ඒවා මතක්කරගැනීම සඳහා විවිධ ප්‍රශ්න ඉදිරිපත් කර ඇත.
  • මෙහි වැදගත්ම කොටස වන්නේ මෙම ප්‍රශ්න සඳහා උනන්දුවෙන් පිළිතුරු සැපයීම යි.
  • මෙම ප්‍රශ්න පසුගිය පාඩම්ද මතක්කරගැනීම සඳහා සකස්කරනු ලබන බැවින් කාලයක් සමඟ සියළුම විෂය කරුනු ඔබ වෙත ඉතා පහසුවෙන් මතක සිටිනු ඇත.

ඔබගේ අදහස් හා යෝජනා වෙත් නම් අප වෙත දන්වන්න.


Course Curriculum


  ජීව විද්‍යාව හඳුනාගනිමු
Available in days
days after you enroll

This course is closed for enrollment.