දිනය 001 - ජීව විද්‍යාවේ වැදගත්කම සහ විෂය පථය
- ජීව විද්‍යාව යනු ජීවීන් පිළිබඳව සිදුකරනු ලබන අධ්‍යනය යි.
- අධ්‍යනයේ පහසුව තකා ජීව විද්‍යාව ප්‍රධාන අංශ තුනකට බෙදා ඇත.
- සත්ත්ව විද්‍යාව (සතුන් පිළිබඳව අධ්‍යනය)
- උද්භිත විද්‍යාව (ශාක පිළිබඳව අධ්‍යනය)
- ක්ෂුද්‍රජීව විද්‍යාව (ක්ෂුද්‍රජීවීන් පිළිබඳව අධ්‍යනය)
- මෙම ක්ෂේත්‍ර යටතේ අධ්‍යනය කරනු ලබන තවත් විෂය පථයන් කිහිපයක් පහත දක්වා ඇත.
- සෛල විද්‍යාව (සෛල පිළිබඳ අධ්‍යනය)
- පටක විද්‍යාව (පටක පිළිබඳ අධ්‍යනය)
- ව්‍යූහ විද්‍යාව (දේහයේ දල ව්‍යූහය පිළිබඳ අධ්‍යනය)
- කායික විද්‍යාව (කෘත්‍යය පිළිබඳ අධ්‍යනය)
- ජෛව රසායනය (ජෛවීය අණු පිළිබඳ අධ්‍යනය)
- ප්‍රවේණිය (ආවේණිය පිළිබඳ අධ්‍යනය)
- පරිසර විද්‍යාව (පරිසරය පිළිබඳ අධ්‍යනය)
ජීව විද්‍යාව හා බැඳුනු ගැටළු
- ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ අවබෝධය
- පෟථිවිය මත ජීවය වර්ෂ බිලියන 3.5 කට පමණ පෙර ඇති විය.
- මුලින්ම ඇතිවූ ජීවීන් වන්නේ නිර්වායු, විෂමපෝෂී, ප්‍රාග්න්‍යෂ්ටිකයෝ ය.
- එතැන් සිට සිදුවූ පර්ණාමික ක්‍රියාවලිය නියා වර්තමානයේ දක්නට ලැබෙන ජෛව විවිධත්වය නිර්මාණය විය.
- පෘථිවිය මත දැනට ජීවීන් විශේෂ මිලියන 10 - 100 කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව අනුමාන කර ඇත.
- ජීව සහ අජීව ලෝක අතර ගතික සම්බන්ධයක් පවතියි.
- මිනිස් සිරුර හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය
- පටක විද්‍යාව හා මානව දේහයේ ව්‍යූහ විද්‍යාව මඟින් ඉන්ද්‍රියන්වල ව්‍යූහය පිළිබඳව මනා අවබෝධයක් ලැබේ.
- විවිධ ඉන්ද්‍රිය පද්ධති වල කෘත්‍ය සහ ව්‍යූහ-කෘත්‍ය සබඳතාව පිළිබඳ අවබෝධයක් ද ලැබේ.
- ස්වභාවික සම්පත් සහ පරිසරය තිරසර භාවිතය සහ කළමනාකරණය
- ස්වභාවික සම්පත් යනු, "එදිනෙදා ජීවිතයට සහ ආර්ථික සංවර්ධනයට භාවිත වන ස්වභාවිකව හමු වන ද්‍රව්‍ය හා ශක්තීන් වල ප්‍රභව වේ."
- පෘථිවිය මත ස්වභාවික සම්පත් සීමිත ය.
- ස්වභාවික සම්පත් අධිපරිභෝජනය හේතුවෙන් එවා ක්ෂ්‍ය වීමේ තර්ජනයට ලක්වී ඇත.
- ස්වභාවික සම්පත් අධිපරිභෝජනය හේතුවෙන් ඇතිවන පාරිසරික ගැටළු.
- පරිසර දූෂණය
- ජෛව විවිධත්ව හානිය
- කාන්තාරකරණය
- මෙම ගැටළු මැඩපැවැත්වීමට ස්වාභාවික සම්පත් සහ පරිසරය කළමනාකරණය කළ යුතු ය.
- තිරසර ආහාර නිෂ්පාදනය
- තිරසර ආහාර නිෂ්පාදනය යනු, "මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක්, පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිපදවීම යි."
- වත්මන් මානව ජනගහනය බිලියන 7 ක් පමණ වන අතර, එය අවුරුදු 40 ක් ඇතුලත දෙගුණ වීමට නියමිත ය. එබැවින් මානවයාගේ පැවැත්ම උදෙසා තිරසර ආහාර නිෂ්පාදනය වැදගත් වේ.
- තිරසර ආහාර නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි ක්‍රම.
- ඉහල ඵලදාවක් සහිත ශාක හා සත්ත්ව ප්‍රජාව නිපදවීම
- රෝගවලට ප්‍රතිරෝධී ශාක හා සත්ත්ව ප්‍රජාව නිපදවීම
- පසු අස්වනු තාක්ෂණ ක්‍රම දියුණු කිරීම
- ශාක ජීවිතය පිළිබඳ අවබෝධය
- ශාක යනු "ප්‍රාථමික නිෂ්පාදකයෝ ය."
- සියළු සතුන් සෘජුව හෝ වක්‍රව ශාක මත යැපේ.
- ශාක වල ජීව විද්‍යාව පිළිබඳ අවබෝධය, ඉහළ ඵලදාවත් සහිත ශාක මෙන්ම රෝග වලට ප්‍රතිරෝධී ශාක නිපදවීම සඳහා ද වැදගත් වේ.
- රෝග හා ඒ්වාට හේතු පිළිබඳ අවබෝධය
- රෝග හා ඒවාට හෙතු පිළිබඳව අවබෝධය මිනිස් සිරුර නීරෝගීව පවාගෙන යෑම සඳහා වැදගත් වේ.
- මින් සැලකිය යුතු රෝග කිහිපයක් නම්.
- පිළිකා
- ඒඩ්ස්
- හෘද්‍යාබාධ
- නිදන්ගත වකුගඩු රෝගය
- නෛතික හා සාරධර්ම පිළිබඳ ගැටළු වලට විසඳුම් සෙවීම
- මාතෘත්වය හෝ පීතෘත්වය පරීක්ෂා කිරීම
- ආගමන විගමන ගැටළු විසඳීම
- DNA ඇඟිලි සලකුණු
0 comments